(කොළඹ, ලංකාපුවත්) –දිනෙන් වාර්තාවන කොවිඩ් වෛරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමත් සමඟ බ්‍රිතාන්‍යය නැවත වරක් අගුළු දැමීමට පියවර ගෙන ඇත.
පසුගිය වසරේ මාර්තු මාසයෙන් පසු බ්‍රිතාන්‍ය මෙලෙස ඉතා දැඩි සීමා පැනවූ පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රිතාන්‍යයේ මෙම නව දැඩි සීමා සඳුඳා () සිට ක්‍රියාත්මක වන අතර එරට තුළ ඔක්ස්ෆර්ඩ්/ඇස්ට්‍රසෙනකා එන්නත ලබාදීම ද ආරම්භ කර තිඛේ.
පාසල්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන පෙබරවාරි මාසය තෙක් වසා දමන බව ද නව ලොක්ඩවුන් සීමා ප්‍රකාශයට පත් කරමින් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසා තිඛේ.
එක්සත් රාජධානියට අයත් විශාලම රට වන එංගලන්තය පෙබරවාරි මාසයේ මැද භාගය දක්වා සම්පූර්ණයෙන් වසා දැමෙන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.
එංගලන්තයෙන් සොයාගත් නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේදය වේගයෙන් පැතිර යමින් තිබෙන අතර එය සීමා කිරීමේ අරමුණින් මෙම නව ලොක්ඩවුන් සීමා පනවා තිඛේ.