පාවිච්චි කළ වාහනයක් මිලදී ගැනීම ළතැවීමට නොව සතුටට කාරණයක් කරගන්න

(කොළඹ, ලංකාපුවත්) –පාවිචිච් කළ මෝටර් රථයක් මිලදී ගැනීම බොහෝ දෙනෙකුට, විශේෂයෙන් ම මුල්වරට වාහනයක් මිලදී ගන්නා පුද්ගලයෙකුට, දිගු කාලීන කැපකිරීමක් සහ විශාල පරිශ්‍රමයක් දැරිය යුතු කාර්යයකි. එහිදී හොඳම වාහනයක් තෝරාගැනීමට යාමේදී වාහනයේ ගුණාත්මක භාවය පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතුය. එම නිසා පාවිච්චි කළ වාහනයක් මිලදී ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු ගැන නිසි අවබෝධයක් තිබුණොත් විශ්වාසයෙන් යුතුව වාහනයක් තෝරාගැනීමට හැකිවනු ඇත.

පාවිච්චි කළ වාහනයක් මිලදී ගැනීමේදී ඔබ කැමතිම වාහන මාදිලිය පිළිබඳව පමණක් තීරණය කිරීම ප්‍රමාණවත් නැත. ඊට පරිබාහිර තවත් කරුණු රැසක් පිළිබඳ විමසිලිමත් විය යුතුය. මේ ඒ වෙනුවෙන් ඔබට ලබා දෙන මඟපෙන්වීමකි.

පොඩි අධ්‍යයනයක යෙදෙන්න – ඔබ කැමති වාහන මාදිලියක් තීරණය කළ පසු, වෙළෙඳපොළ තුළ එම වාහනයේ මිල ගණන් පිළිබඳ හැදෑරීමක් කිරීම වැදගත් වේ. එමෙන්ම වාහනයේ අන්තර්ගත කොටස් පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණොත්, යම් හෙයකින් ඔබ මිලදී ගැනීමට සූදානම්වන වාහනයේ යම් කොටස් දක්නට නොමැති නම් ඒ බව වහාම හඳුනාගැනීමේ හැකියාව පවතී. එවැනි පසුබිම් තොරතුරුවලින් සන්නද්ධ වූ විට විශ්වාසයෙන් යුතුව වාහනයක් මිලදී ගත හැක.

පෙනුම සහ තත්ත්වය – වාහනයක පිටත පෙනුම පිරිසිදුව සහ ඔපවත්ව තිබුණ ද ඊට යටින් පවතින තත්ත්වය පිළිබඳ සැළකිලිමත් විය යුතුය. වාහනය හොඳින් නිරීක්ෂණය කරමින් ඒ පිළිබඳ ඇගැයීමකට පැමිණෙන්න. ටයර්වල තත්ත්වය පරීක්ෂා කරන්න. යම් අලුත්වැඩියා කිරීමක් සිදුකර ඇත්නම්, අනතුරකට ලක් වූ වාහනයක් දැයි පරීක්ෂා කර බලන්න. එමෙන්ම වාහනයේ ඇතුළත තත්ත්වය ද නිරීක්ෂණය කරන්න. ඊට අමතරව මලකඩ කෑමේ අවදානමක් පවතී ද යන්නත්, සියලු විදුලි උපාංග, ආලෝක ලාම්පු හා වායු සමීකරණය හොඳින් ක්‍රියාත්මක වෙනවාදැයි විමසිලිමත් වන්න.

ධාවනය කර ඇති දුර – පාවිච්චි කළ වාහනයක් මිලදී ගැනීමේදී එම වාහනය ධාවනය කර ඇති දුර ප්‍රමාණය පිළිබඳව ද අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. කෙසේ වුව ද වාහනයේ සැබෑ ක්ෂයවීම් තත්ත්වය සැඟවීමේ අරමුණින් එහි නිවැරදි ධාවන දුර වෙනස් කිරීමට (මීටරය කරකැවීමට ද) වාහන විකුණන ඇතැමුන් ක්‍රියාකරන අවස්ථා වාර්තා වේ. එනිසා වාහනයේ නඩත්තු හා සේවා වාර්තාව පරීක්ෂා කර බැලීමෙන් වාහනයේ දැක්වෙන ධාවන දුර, සැබෑ ධාවන දුර දැයි තහවුරු කරගත හැක.

නිසි වගකීමක් – පාවිච්චි කළ වාහනයක් මිලදී ගැනීමේදී වාහනයට අදාළ වගකීම් හෝ සේවා කොන්ත්‍රාත්තුව පරීක්ෂා කළ හැකිදැයි විකුණුම්කරුගෙන් විමසිය හැක. මක් නිසාද යත්, ව්‍යාජ වාහනවලට එවැනි වගකීම් සහතිකයක් හෝ වාහන නිෂ්පාදකයාගේ සහතිකයක් හිමි වන්නේ නැත. කෙසේ වුවද AMW සහතික ලත් වාහන සඳහා වසර තුනක හෝ කිලෝ මීටර ලක්ෂයක වගකීම් සහතිකයක් හිමිවන අතර එය අංග සම්පූර්ණ වගකීම් සහතිකයකි. ඊට අමතරව AMW වෙතින් වගකීම් සහගත සේවාවක්, අමතර කොටස් හා සුපිරි පසු අලෙවි සේවාවක් ද ගැනුම්කරුවන්ට හිමි වේ.

විනිවිද භාවයෙන් යුතු ලියකියවිලි – වාහනයේ නඩත්තු හා සේවා ඉතිහාසය පිළිබඳ හොඳින් පරීක්ෂා කර බලන්න. එහිදී අනතුරක් නිසා සිදුකරන ලද අලුත්වැඩියා කිරීම් තිබේද, නැවත නැවත මතුවන දෝෂ වාහනයේ තිබේ ද යන්න ගැන විමසිලිමත් වන්න. මේ තොරතුරු වාහනයේ නඩත්තු සහතිකයේ හෝ සේවා වාර්තාවල අඩංගු වේ. එම ලියකියවිලි නොපවතී නම්, එය වාහනය නිසි පරිදි නඩත්තු කර නොමැති බවට සංඥාවකි. එනිසා ඉදිරියේදී වාහනයේ විවිධ දෝෂ මතුවීමේ අවදානමක් පවතී.

ඉහත සඳහන් කරුණු සියල්ල හරහා වැඩි විශ්වාසයකින් යුතුව වාහනයක් මිලදී ගැනීමට ඔබට හැකිවන අතර, ඉහළ පිළිගැනීමක් සහිත, ස්ථාවර ආයතනයකින් වාහන මිලදී ගැනීම හිතට විශාල නිදහසක් පිරිනමනු නිසැක ය.

එනිසා ඇසෝසියේටඩ් මෝටර්වේස් (පුද්) සමාගම වෙතින් හිමිවන AMW සහතික ලත් වැඩි ආරක්ෂාවක් සහ ගුණාත්මක බවක් සහිත හොඳම තත්ත්වයේ වාහන මිලදී ගැනීමේ අවස්ථාවක් පාරිභෝගිකයින්ට උදා කර දී තිබේ.

ඒ අනුව දිවයින පුරා පිහිටි 20කට වැඩි ප්‍රදර්ශනාගාර ඔස්සේ ජනප්‍රිය වාහන මාදිලි රැසක් අතුරින් AMW සහතික ලත් හොඳම තත්ත්වයේ වාහනයක් විශ්වාසයෙන් මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමි වේ.

වාහනයේ සැබෑ ධාවන දුර ප්‍රමාණය හා සේවා වාර්තා ලබාදීම හේතුවෙන්, පාවිච්චි කළ වාහන අලෙවි කරන සෙසු විකුණුම්කරුවන්ට වඩා AMW සහතික ලත් වාහන වෙනස් වේ. එමෙන්ම සෑම වාහනයකට ම අදාළ තාක්ෂණික පරීක්ෂණ 49ක් සම්පූර්ණ කිරීමෙන් ලබාදෙන ‘සුසුකි තාක්ෂණික සහතික’ පිරිනැමීම ද AMW සහතික ලත් වාහනවල විශේෂත්වයකි. එම කාර්යය සිදුවන්නේ AMW සතු අති නවීන පසු අලෙවි සේවා මධ්‍යස්ථානය වන AMW Pitstop මගිනි. මෙම සහතිකය වාහනයේ සැබෑ තත්ත්වය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරයි.

මේ අනුව පාවිච්චි කළ වාහනයක් මිලට ගැනීමේ ක්‍රියාවලිය දැන් වඩාත් සරල වී තිබේ. ඔබත් වැඩි විස්තර සඳහා අද ම www.amwcertified.lk වෙබ් අඩවියට පිවිස සියලු ම වාහන පිළිබඳ විස්තර ලබාගන්න. නැතහොත් 0117 580000 දුරකථන අංකය අමතන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *