Tik Tok හරහා එල්. ටී. ටී. ඊ. ය ප්‍රවර්ධනය කළ අයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ටික්ටොක් නැමැති සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූප ඇතුළත් විවිධ කරුණු පළ කිරීම සම්බන්ධයෙන් වත්තල ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වත්තල ප්‍රදේශයේ 25 හැවිරිදි පුද්ගලයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අදාළ සැකකරු විසින් Tik Tok මාධ්‍ය හරහා එල්. ටී. ටී. ඊ. සංවිධානය ප්‍රවර්ධනය කරන ප්‍රවෘත්ති පළකර ඇති බව සදහන් වේ.

සැකකරුගේ මුල් පදිංචිය මුලතිව් බවත් පසුව හැටන් ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවත් අනාවරණය වී තිබේ.

ඔහුගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී විවිධ ආකාරයේ ත්‍රස්ත ක්‍රියා වර්ධනය කරන ප්‍රවෘත්ති ඔහු විසින් නිර්මාණය කරඇති බවට ද තොරතුරු හෙළිවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *