ඉන්දීය ක්‍රිකට් සංචිතය නිරෝධායනයට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන සීමිත පන්දුවාර තරග සදහා සහභාගී දෙවන පෙළ ඉන්දියානු ක්‍රිකට් සංචිතය හෙට(14) සිට මුම්බායි හි දී සති දෙකක නිරෝධායනයකට ලක්වන බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරයි.

ඉන්දීය කණ්ඩායම ලබන 28 වනදා දිවයිනට පැමිණෙනු ඇත.

කොවිඩ් -19 පරීක්ෂාවක් පැවැත්වීමෙන් අනතුරුව එම කණ්ඩායම මුම්බායි හි පිහිටි හෝටලයක මෙලෙස රැදී සිටිනු ඇතැයි සදහන් වේ.

මෙම සංචාරයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාහුල් ඩ්‍රාවිඩ් ද මෙලෙස රැදී සිටිනු ඇත.

එසේම ඉන්දීය සංචිතය ජුනි 28 වන දින කොළඹට පැමිණීමෙන් අනතුරුව ඔවුන් ව්‍නවාතැන් ගන්නා හෝටල් කාමරවල තවත් දින තුනක නිරෝධායනයකට භාජනය කරනු ලබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

අනතුරුව නිරෝධායනයට ලක් වන අතරතුරම පුහුණුවීම් සදහා ද එක්වීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට හිමිවන්නේ ජූලි 2-4 කාලයේ දී ය. ජූලි 5-12 අතර කාලයේ දී නිරෝධායනයකින් තොරව පුහුණුවීම් කටයුතු සිදු කළ හැකිය.

ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ තරගාවලිය සංවිධාන කරන අතර, සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගනයේ දී පැවැත්වීමට නියමිතය.

ඉන්දියාව මෙරට තරග සංචාරයක නිරත වන්නේ වසර 3කටත් වැඩි කාලයකට පසුවයි. ඔවුන් අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණේ 2018 වසරේ මාර්තු මාසයේ පැවැති නිදහස් කුසලාන තරගාවලිය වෙනුවෙනුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *