රසායනික පොහොර ගෙන්වීමට කිසිදු ආයතනයකට අවසරයක් ලබා දී නැහැ

(කොළඹ, ලංකාපුවත්) – රසායනික පොහොර ගෙන්වීමට කිසිදු ආයතනයකට කිසිදු අවසරයක් ලබා දී නැති බව රජය අවධාරණය කරයි.

ඇතැම් සමාජ මාධ්‍යවල මේ සම්බන්ධයෙන් පළවන පුවත් සම්පූර්ණ අසත්‍ය හා සාවධ්‍ය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.

රසායනික පොහොර ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුව නැති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *