ශ්‍රී ලංකාව ද සාමාජිකත්වය දරණ බිම්ස්ටෙක් කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ විශේෂඥ කණ්ඩායම රැස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව ද සාමාජිකත්වය දරණ 8 වන බිම්ස්ටෙක් කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ විශේෂඥ කණ්ඩායම මාර්ගගත (Online) ක්‍රමයට රැස් වෙයි.

මෙම මාර්ගගත හමුව සඳහා බිම්ස්ටෙක් රටවල කෘෂිකර්ම අමාත්‍යාංශ වල නිලධාරීහු සහභාගි වූ බව Indianewsnetwork.com වෙබ් අඩවිය සඳහන් කරයි.

කෘෂිකර්ම අංශය මියන්මාරය විසින් මෙහෙයවනු ලබන අතර කෘෂිකර්මාන්තය බිම්ස්ටික් සහයෝගීතා ක්ෂේත්‍ර 14න් එකකි

8 වන කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ 8 වන ප්‍රවීණ කණ්ඩායම් රැස්වීම අඟහරුවාදා ඉන්දීය සභාපතිත්වයෙන් මාර්ගගත ක්‍රමයට පැවැත්වුණි. මෙම හමුවේ දී බිම්ස්ටෙක් රාමුව යටතේ හඳුනාගත් පොදු ව්‍යාපෘති නවයක් ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකාර්මික අංශයේ සහයෝගීතාවය හා ප්‍රගතිය සමාලෝචනය කෙරිණි. මේ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ බිම්ස්ටෙක් සහ සාර්ක් අංශයේ උප ලේකම් රාකේෂ් තිවාරි ට්විටර් පණිවිඩයක් මගින් පැවසීය.

ඉන්දීය කෘෂිකර්ම මණ්ඩලය විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයක සඳහන්ව තිබුණේ බිම්ස්ටෙක් සාමාජික රටවල් 7ක කෘෂිකර්ම අමාත්‍යාංශ වල ජේෂ්ඨ නිලධාරීන් සහභාගි වූ 8 වන රැස්වීමේ මුලසුන ඉන්දීය කෘෂිකර්ම මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ත්‍රිලෝචන් මොහපැට්රා මහතා විසින් උසුලනු ලැබූ බවයි.

බහු ආංශික තාක්‍ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක මුලපිරීම (බිම්ස්ටෙක්) යනු බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන සාමාජික රටවල් හතකින් සමන්විත කලාපීය සංවිධානයකි.
කෘෂිකර්මාන්තය බිම්ස්ටෙක් සහයෝගීතාවයේ අංශ 14 න් එකක් වන අතර . මෙම අංශය මෙහෙයවීමේ මුලිකත්වය දරනු ලබන්නේ මියන්මාරය විසිනි.

කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ බිම්ස්ටෙක් ප්‍රවීණ කණ්ඩායම් රැස්වීම (ඊජීඑම්ඒසී) සහ මෙම අංශයට අදාළ අනෙකුත් ව්‍යාපාර පැවැත්වීම තුළින් සාමාජික රටවල් අතර සහයෝගීතාව තීවූර කරයි.

ඉන්දීය සභාපතීත්වයෙන් 15 වන අඟහරුවාදා දින පැවති රැස්වීමේදී හොඳ කෘෂිකාර්මික පුරුදු පිළිබඳ වැඩමුළු දෙකක් (ජීඒපී අදියර 1 සහ II) සහ කෘෂිකාර්මික වෙළඳාම සහ ආයෝඡනය වැඩි දියුණු කිරීම පිළිබඳ වැඩමුළුවක් ද පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ මහනුවර පැවති කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ 3 වන බිම්ස්ටෙක් විශේෂඥ කණ්ඩායම් රැස්වීමේදී මෙම අංශය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා අපේක්ෂිත පොදු ව්‍යාපෘති 9 ක් හඳුනාගෙන තිබිණි

එම ව්‍යාපෘති නවය(09) පහත පරිදි වේ

ප්‍රජා මට්ටමින් ලාභදායී ජෛව ඉන්ධන නිෂ්පාදනය ප්‍රවර්‍ධනය කිරීම සඳහා විකල්ප බලශක්ති භෝග උපයෝගී කර ගැනීම හා බලශක්ති උත්පාදනය පිළිබඳ පර්යේෂණ හා සංවර්‍ධනයන්හි සහයෝගීතාවය

පෞද්ගලික අංශයේ සහභාගීත්වය දිරිමත් කිරීම සඳහා විශේෂයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වටිනාකම් දාම කළමනාකරණය

කෘෂිකාර්මික සංඛ්‍යාන තොරතුරු පද්ධතිය සහ එහි ජාල ශක්තිමත් කිරීම

හොඳ කෘෂිකාර්මික පුරුදු පිළිබඳ වැඩමුළු පැවැත්වීම.

කෘෂිකාර්මික ජෛව තාක්ෂණයේ දියුණුව හා ජෛව ආරක්ෂාව

දේශසීමා මායිම් සහිත සත්ව රෝග වැළැක්වීම සහ පාලනය කිරීම

කෘෂිකාර්මික විශ්ව විද්‍යාල, පශු වෛද්‍ය විශ්ව විද්‍යාල සහ කෘෂිකාර්මික පර්යේෂණ ආයතන සම්බන්ධීකරණය කිරීම.

බිම්ස්ටෙක් සාමාජික රටවල බීජ අංශය දියුණු කිරීම

කෘෂිකාර්මික වෙළෙඳාම සහ ආයෝඡනය වැඩි දියුණු කිරීම පිළිබඳ වැඩමුළු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *