ඉන්දීය විදේශ ලේකම් අගමැති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –සිව්දින නිල සංචාරයකට දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ්වර්ධන් ෂින්ග්ලා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(04) හමුවිය.

බහු ආංශික ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙන්ම දෙරටටම වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණි.

එසේම විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරිස් මහතා සහ විදේශ ලේකම් අද්මිරාල් මහචාර්ය ජයනාත් කොළඹගේ මහතා සමඟත් ඉන්දීය විදේශ ලේකම්වරයා සාකච්ඡා පැවැත්වීය.

ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරට වෙත පැමිණියේ පසුගිය දෙවනදාය. ඒ මෙරට විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනාවකට අනුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *