Blood 4 Hope ලේ දන්දීමේ වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –දැනට පවතින ලේ හිඟයට පිළියමක් වශයෙන් ජාතික තරුණ සේවා සභාවේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ තරුණ තරුණියන් එක්ව දිවයින පුරා සංවිධාන කරනු ලබන Blood 4 Hope ලේ දන්දීමේ වැඩසටහන් මාලාවක් දියත් කෙරේ.

මේ යටතේ ඔක්තෝබර් 01වනදා සිට දෙසැම්බර් 31 දක්වා සෑම සතියකම සිකුරාදා සහ සෙනසුරාදා දිනවල උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා ලේ දන්දීමේ වැඩසටහන් මහරගම තරුණ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

මධ්‍යම ලේ බැංකුවේ ඉල්ලීම පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පැවැත්වෙන මෙම ලේ දන්දීමේ කඳවුරු තුළින් පුද්ගලයින් රැසකගෙන් ලේ පරිත්‍යාග ලබා ගැනීමට නියමිතය.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0710396298 හෝ 0112850986 දුරකථන අංක ඔස්සේ ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *