(ලංකාපුවත් | කොළඹ) – කොවිඩ් ආසාදිත ළමයින්ගේ ප්‍රතිශතය ශීඝ්‍රයෙන් අඩු වී ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ශාමල් රජින්ද්‍රජිත් මහතා ප්‍රකාශ කළේය.
ආසාදිත දරුවන්ගේ ප්‍රතිශතය අඩුවීමත් සමඟ කොවිඩ් ආසාදිත ළමා මරණ සංඛ්‍යාවත් පහත වැටී ඇති බවත් ඒ මහතා පැවසීය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන් වෙනුවෙන් වෙන් කොට තිබූ වාට්ටු සාමාන්‍ය රෝගීන්ට වෙන් කිරීමටත් මේ වන විට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.