සරසවි ඉසෙඩ් අගයන් මෙම සතියේ ප්‍රකාශයට

(ලංකාපුවත් | කොළඹ) – 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ ඉසෙඩ් ස්කෝර් අගයන් මෙම සතියේ ප්‍රකාශයට පත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

2020/2021 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ප්‍රධාන විෂය ධාරා යටතේ දිස්ත්‍රික් මට්ටමින් අධ්‍යයන පාඨමාලාවලට තෝරා ගන්නා ප්‍රතිශත පසුගියදා නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පියවර ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *