නව ඖෂධ කර්මාන්තශාලා 03කට කැබිනට් අනුමැතිය

(ලංකාපුවත් | කොළඹ) – නව ඖෂධ කම්හල් තුනක් කඩිනමින් ඇරඹීමටත් කැබිනට් අනුමැතිය හිමිවෙයි.

හොරණ මිල්ලෑව ප්‍රදේශයේ පිහිටුවීමට නියමිත ඖෂධ කලාපය එස් පි එම් සි ලෝටස් ඖෂධ ව්‍යාපෘතිය ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව පිළිකා නාශක ඇතුලු ඖෂධ නිපදවීම සඳහා කම්හල්තුනක් කඩිනමින් පිහිටුවීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මේ අතර පූර්ණ රාජ්‍ය සමාගමක් වන ශ්‍රී ලංකා ඉන්සිටිටියුට් ඔෆ් බයෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මගින්විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. ඒ සදහා පිටිපන මහ හේන වත්ත ප්‍රදේශයේ අක්කර 13 ක භූමි භාගයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි විය.

මොරටුව විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ඉදි කිරීම රජයේ අරමුණයි. මෙම ව්‍යාපෘතියට කුවෙට් ඩිනාර් මිලියන 10 ක්ලබා ගැනීමට අදාළ ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය හිමි වුනි.

බහාලුම්ගත භාණ්ඩ පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානයක් කෙරවලපිටිය අන්තර් හුවමාරුව ආසන්නයේ ඉදිකිරීමට අදාළ ඉඩම් පවරා ගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *