(ලංකාපුවත් | කොළඹ) –ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය හා ගෞරවය දිනූ සන්නාමයක් වන මැලිබන් බිස්කට්ස්, පසුගියදා “Great Place to Work” සහතිකකරණය හිමිකර ගැනීමට සමත් විය.
තම කාර්ය මණ්ඩලයේ අභිවෘද්ධියවෙනුවෙන් දක්වන උනන්දුව හා කැපවීම හේතුවෙන් සමාගම වෙත මෙම සහතිකකරණය හිමි වී තිබේ. දශක ගණනාවක් තිස්සේ සිය කාර්ය මණ්ඩලයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරමින්, ආයතනික සංස්කෘතිය වැඩිදියුණු කිරීම සඳහා මැලිබන් දැරූ උත්සාහයේ සාර්ථකත්වයට මෙය මනා සාක්ෂියකි.
2021 අප්‍රේල් සිට 2022 මාර්තු දක්වා කාලය සඳහා මැලිබන්වෙත මෙම“Great Place to Work” සහතිකකරණය හිමිවීතිබේ. දක්ෂ වෘත්තිකයන් ආකර්ෂණය කරගැනීම සහ, ඔවුන් සමාගම තුළ රඳවා ගැනීම සඳහා කළමනාකාරීත්වය විසින් ක්‍රියාවට නංවන ලද විවිධාකාර වූ වැඩසටහන් මෙම සාර්ථකත්වයට ප්‍රධානතම හේතුවක් වී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැලිබන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා එම්.ජී.කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය මෙසේ පැවසුවාය. “වගවීම, වගකීම්සහගතභාවය සහ සමාජ වටිනාකම් නිර්මාණය කිරීම අපගේ ආයතනික ආචාරධර්ම අතර ප්‍රධාන තැනක් ගන්නවා. එමෙන්ම ඒවා අපගේ ආයතනික පදනමේ කොටසක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. 2021 – 2022මූල්යවර්ෂයවෙනුවෙන්“Great Place to Work” සහතිකකරණය හිමිවීමඅපටආඩම්බරයක්. මේ සහතිකකරණය අප වෙත හිමි වූයේ ප්‍රථම වතාවටයි.
‘Great Place to Work® CertifiedTM’වැඩසටහන තුළදී විශ්වසනීයත්වය, ගෞරවය, සාධාරණත්වය, අභිමානය හා සුහදත්වය යනමානයන් යටතේ සමාගම් හා ආයතනවල සේවක අත්දැකීම් විශ්ලේෂණයට ලක්කෙරේ.
Great Place to Work® සහතිකකරණය හිමිකර ගැනීම යනු, දීර්ඝ කාලීන සමාජමය වටිනාකම් නිර්මාණය කිරීම සඳහා මැලිබන් සමාගම දරන පුළුල් මට්ටමේ උත්සාහයක පළමු පියවරයි.
එය තිරසාරත්වය මූලික කරගත් ක්රමෝපායක් ඔස්සේ සමාජයීය වශයෙන් වගකීම් සහගත සමාගමක් ලෙස කටයුතු කිරීමට මැලිබන් දරන උත්සාහයේ අනිවාර්ය අංගයක්ද වේ.