ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ පැහැදිලි කිරීමක්

(ලංකාපුවත් | කොළඹ) –විදේශගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන් ශ්‍රී ලංකාවට එවනු ලබන විදේශ විනිමය ප්‍රේෂණ බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල්වලට හරවනු ඇතැයි යන කටකතා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

විදේශගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන් මෙරටට එවන විදේශ විනිමය ‍ප්‍රේෂණ ඔවුන්ගේ අභිමතය පරිදි විදේශීය ව්‍යවහාර මුදල් වශයෙන් තම බැංකු ගිණුම්වල තබා ගැනීමට හෝ ඒවා ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්ථනය කිරීමට හෝ කිසිදු බාධාවක් නොමැති බව සදහන් කෙරේ.

එසේම විදේශගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන්ට දැනට ලබාදී ඇති විවිධ වරප්‍රසාද අඛණ්ඩව තවදුරටත් ඒ ආකාරයෙන්ම කිසිදු හෝ වෙනසක් නොමැතිව භුක්ති විදිය හැකි බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *