තානාපතිවරුන්ගේ නත්තල් සුහද හමුව

(ලංකාපුවත් | කොළඹ) – මෙරට තානාපති හා මහ කොමසාරිස්වරුන් වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය සංවිධානය කළ නත්තල් සුහද හමුව සහ රාත්‍රී භෝජන සංග්‍රහය ඊයේ(12) රාත්‍රීයේ දී කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙම සුහද හමුවට විශේෂ ආරාධිතයෝ ලෙස එක්ව සිටියහ.

එළැඹෙන නත්තල් උත්සවයට සමඟාමීව මෙම විශේෂ සුහද හමුව සංවිධානය කර තිබිණි. ඊට එක්වූ තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු තානාපති සේවයේ නිරත උසස් නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් සමඟ අග්‍රාමාත්‍යතුමා මෙහි දී සුහඳ කතාබහක නිරත වූයේය.

මෙම අවස්ථාවට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, අමාත්‍යවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රාදේවි වන්නිආරච්චි, අලි සබ්රි, රාජ්‍ය අමාත්‍යවරුන්වන කනක හේරත්, තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ජයන්ත වීරසිංහ,සුරේන් රාඝවන් මහත්ම මහත්මීහු සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *