යහපත් ඩිජිටල් මාධ්‍ය කලාවක් සඳහා වැඩසටහන් මාලාවක්

(ලංකාපුවත් | කොළඹ) – වර්තමාන සමාජය තුළ වඩාත් ප්‍ර‍චලිත ඩිජිටල් මාධ්‍ය අවකාශය පුළුල් කරමින් රාජ්‍ය ඩිජිටල් මාධ්‍ය අවකාශ්‍ය ඔස්සේ ද ජනතාව වෙත විශ්වසනීය තොරතුරු සන්නිවේදනය විධිමත් කිරීමේ අරමුණින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් මත වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කෙරේ.

එහි එක් වැඩසටහනක් අමාත්‍යවරයාගේ ප්‍ර‍ධානත්වයෙන් දෙසැම්බර් 08 සහ 09 දෙදින වාද්දුවේදී පැවැත්විණි.

යහපත් සමාජ මාධ්‍ය කලාවක් මෙරට බිහි කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය.

සමාජ මාධ්‍ය භාවිතය වඩාත් නිර්මාණශිලී හා වෘත්තිමය අයුරින් සිදු කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතන වඩාත් සැලකිලිමත් විය යුතු බව අවධාරණය කළ ජනමාධ්‍ය අමාත්‍යවරයා මිලියන දෙකකට වැඩි විදේශගත ශ්‍රී ලාංකිකයින් ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ විශ්වාසනීය මාධ්‍ය සේවාවන් බවට පත්වීමේ අභියෝගය ජයගත යුතු බව මෙහිදී පැවසීය.

රටේ සංවර්ධන පුවත් දේශපාලඥයන් පීත්තපටි කැපීමට ලඝු නොකරන ලෙසත්, ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ලබා දී ඇති වෘත්තිමය නිදහස හා ඉඩහසර ඵලදායී අයුරින් භාවිත කිරීමේ වගකීම රජ්‍ය මාධ්‍ය විසින් ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්  ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා සංවාදමය සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේය.

මෙම අවස්ථාවට රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා, රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ මහතා, රාජ්‍ය මාධ්‍ය ඩිජිටල් මාධ්‍ය ඒකක ප්‍ර‍ධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *