රයිනෝ සමාගමෙන් රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක්

(ලංකාපුවත් | කොළඹ) – වහල සෙවිලි කිරීමේ නිෂ්පාදන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයාවන රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම, 2021 දෙසැම්බර් 14 දිනවන විට සෙවිලි තහඩු කන්ටේනර් 1,000ක්දකුණු ආසියානු රටවල් වෙත අපනයනය කරමින් මූලික සන්ධිස්ථානයක් පසුකිරීමට සමත්වී තිබේ.

මෙය සැමරීමට සංවිධානය කරන ලද විශේෂ උත්සවයට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඊ. ජේ. ඥානම් මහතා ප්‍රමුඛව, සම්භාවනීය අමුත්තන් සහ සමාගමේ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් එක්වූහ.

ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය විසින් සංවිධාන කරන ලද 24 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී 2020/21 කාල සීමාව සඳහා අගය එකතු කළ ඛනිජ අංශයේ විශිෂ්ටතම අපනයනකරු ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට ද රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම සමත්විය.

මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට රයිනෝ සමාගම දක්වන සුවිශාල දායකත්වය නැවත වරක් තහවුරු කිරීමකි.
“අඛණ්ඩ වැඩිදියුණු කිරීම් සහ, ජාත්‍යන්තර තලයේ තාක්ෂණයන් වෙනුවෙන් සිදුකරන ආයෝජනයන් නිසා, පාරිභෝගිකයන්ට ඉහළම වටිනාකම් තිළිණ කරමින්, මේ අභියෝගකාරී කාලපරිඡේදය තුළ පවා ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් දැක්වීමට අපට හැකිවුණා. සියයට සියයක්ම දේශීය සමාගමක්ලෙස, දශකගණනාවක් තිස්සේ අපගේ අවධානය යොමුවී තිබුණේ විශිෂ්ටතම ප්‍රමිතියකින් යුත් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමටයි.

මේවන විට, අප වෙළඳපොළට සපයන උසස් තත්ත්වයේ වහල සෙවිලි කිරීමේ නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම තවදුරටත් වැඩිකර ගනිමින්, ජාත්‍යන්තර සමාගම් සමග තරග කිරීමට හැකි මට්ටමට රයිනෝ නාමය වැඩි දියුණු කිරීමට අපට හැකි වීතිබෙනවා.”රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂඊ. ජේ. ඥානම් මහතා පැවසීය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක සුරේෂ් ද මෙල්, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ පසන් වනිගසේකර, ශ්‍රී ලංකාවේ වැඩබලන පාකිස්ථාන මහ කොමසාරිස් තන්වීර් අහමඩ්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ, වාණිජ දෙපාර්තමේන්තුවේ වාණිජ අධ්‍යක්‍ෂ සහ වෙළෙඳ ප්‍රවර්ධන ප්‍රධානී, ජී එල් ඥානදේව සහ ශ්‍රී ලංකා පාකිස්ථාන ව්‍යාපාර මණ්ඩලයේ සභාපති සෝම සුන්දරම් දේවනායගම් යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගීවූහ.

සාම්ප්‍රදායික නොවන අපනයන කාණ්ඩයක් යටතේ රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම අත්කර ගත් සාර්ථකත්වය අගයමින්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සුරේෂ් ද මෙල් මහතා විසින් රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගමේ අධ්‍යක්ෂ ජූඩ් ප්‍රනාන්දු මහතා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරනලදි.
“උසස් තත්ත්වය සහ තිරසාරත්වය වෙනුවෙන් කැපවෙමින්,සැබැවින්ම ජාත්‍යන්තර සමාගමක් බවට පත්වීම සඳහා අපයන මේ ගමනේදී, අමාත්‍යතුමන් ප්‍රමුඛව සියලුම රාජ්‍ය නිලධාරීන් අප වෙත ලබා දෙන සහයෝගය අප බෙහෙවින් අගය කරනවා.

එමෙන්ම COVID-19වසංගතත ත්ත්වය හමුවේ පවා දේශීය නිෂ්පාදන කටයුතු පුළුල් කරමින් සහ ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසෙමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා උපකාරීවූ අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම අපට මහත්ආඩම්බරයක්. ඉදිරියේදී ගෝලීය වෙළඳපොළ තුළ නව අවස්ථාවන් හඳුනාගනිමින්, ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට මීටත් වඩා ඉහළ දායකත්වයක් දක්වන සමාගමක් බවට පත්වීම අපගේ ඉලක්කයයි.”ඊ. ජේ. ඥානම් මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ රයිනෝ රූෆිං කර්මාන්ත ශාලාව ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් වලින් සමන්විත වන අතර, එහිදී නවීනතම තාක්ෂණය, විශිෂ්ට ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය සහ ජාත්‍යන්තර තලයේ නිෂ්පාදන ක්‍රියාවලි භාවිතා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *