උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයක්

(ලංකාපුවත් | කොළඹ) – උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය සිදු විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස පොලිස් මුලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

විශේෂයෙන් පොලිසිය සඳහන් කරන්නේ පසුගිය මාසයේ මෙන්ම මෙම මාසය තුළ ද ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය පිළිබඳ වැටලීම් කිහිපයක් සිදු කර ඇති බවයි.

මේ වැටලීම් වලට අනුව කිරුළපන ,පාදුක්ක ,මහනුවර ප්‍රදේශයේ රංගල ප්‍රදේශය,කළුතර ප්‍රදේශ කිහිපයකින් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයින් හා අදාළ උපකරණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේය

මුදල් නෝට්ටුවේ ඝනත්වය ,එහි පවතින දිය සලකුණ පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස පොලිසිය ජනතාවට නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *