ඊශ්‍රායල් වැසියන්ට කොවිඩ් මර්දන සිව්වැනි මාත්‍රාවක්

(ලංකාපුවත් | කොළඹ) – ඊශ්‍රායලය එරට වැසියන් සදහා සිව්වැනි කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාව ලබා දීමට සූදානම් වේ. ඒ අනුව ලොව පළමුවරට සිව්වන එන්නත් මාත්‍රාවක් ලබා දෙන රට බවට ඊශ්‍රායලය පත්වනු ඇත.

වෛරසයට එරෙහි බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීමට ප්‍රථමයෙන් ක්‍රියාකළ රට වන්නේ ද ඊශ්‍රායලයයි.

මේවන විට සිව්වැනි මාත්‍රාව ලබා දීමට එර‍ට සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ හිමිව ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ සෞඛ්‍ය අංශ සේවකයින් සදහාය.

ඔමික්‍රෝන් ප්‍රභේදය ආශ්‍රිත මරණයක් පළමුවරට ඊයේ වාර්තා වීමත් සමඟ එර‍ෙ මෙම තීරණය ගෙන ඇති අතර සිව්වැනි එන්නත් මාත්‍රාව ලබා දීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *