පිළිකා රෝගය ගැන කවුරුත් නොදැන සිටි තොරතුරු එළියට

(කොළඹ | ලංකාපුවත්) –   ලොව පුරා වාර්තාවූ පිළිකා රෝගීන් අතරින් වැඩි දෙනෙකුට වැළඳී ඇත්තේ පෙනහළු පිළිකා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

2022 වසරේදී රටවල් 185ක සිදු කළ සමීක්ෂණයක දත්ත පදනම් කරගෙන මෙම තොරතුරු අනාවරණ වී ඇත.

මෙම සමීක්ෂණයේදී ප්‍රධාන වශයෙන් හඳුනාගත් පිළිකා රෝගීන් අතර පියයුරු පිළිකා සහ මහබඩවැල ආශ්‍රිත පිළිකාවල වැඩිවීමක්ද පෙන්නුම් කරයි.

ඒ අනුව ලොව පුරා පිළිකා රෝගීන් මිලියන 2.5ක් හඳුනාගෙන ඇති අතර, 2022 වසරේදී නව පිළිකා රෝගීන් මිලියන 20ක් සහ මරණ මිලියන 9.7ක් වාර්තා වී ඇති බව අදාළ සමීක්ෂණ වාර්තාවේ සඳහන්වේ.

රෝගය විනිශ්චය කිරීමෙන් පසු වසර 5ක් තුළ ජීවත් වූ පුද්ගලයින්ගේ ඇස්තමේන්තුගත සංඛ්‍යාව මිලියන 53.5ක් වේ.

පුද්ගලයන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුට ඔවුන්ගේ ජීවිත කාලය තුළ පිළිකා ඇති වන අතර, ආසන්න වශයෙන් පිරිමින් 9 දෙනෙකුගෙන් එක් අයෙක් සහ කාන්තාවන් 12 දෙනෙකුගෙන් එක් අයෙක් පිළිකාවෙන් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *