කොටස් වෙළෙඳපොළෙන් ඉතිහාසගත වාර්තාවක්

(ලංකාපුවත් | කොළඹ) – කොළඹ කොටස් ‌වෙළෙඳපොළ අද (24) දිනයේ ඉතිහාසගත වාර්තාවකට හිමිකම් තබා තිබේ.

ඒ ඉතිහාසයේ පළමුවරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාව ඉක්මවා යමිනි.

මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,070.68 ක් ලෙසින් වාර්තා වුණි.

එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 119.45 ක ඉහළ යාමකි.

මේ අතර නත්තල් දිනය හෙට (25) ට යෙදී ඇති බැවින් අද දින අතිරේක දින භාගයක නිවාඩුවක් කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.

එබැවින් අද දින ගනුදෙනු සැසිය පෙරවරු 11.00 සිට පස්වරු 12.30 දක්වා මිනිත්තු 90 ක කාලයකට පමණක් සීමාවිය.

රු. බිලියන 2.84 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *