බූස්ටර් මාත්‍රාව දීමත් සමඟ රෝගීන් වාර්තා වීමත් මරණ අනුපාතයත් අඩු වෙයි

(ලංකාපුවත් | කොළඹ) – බූස්ටර් එන්නත්කරණය මීට සති දෙකකට පමණ පෙර ආරම්භ කිරීමෙන් පසු පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ දී රෝගීන් වාර්තා වීම සියයට 1.7කින් සහ මරණ සියයට 10කින් අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් – 19 සම්බන්ධීකාරක, තාක්ෂණික වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් මර්දන එන්නත්කරණයේ සාර්ථකත්වය සහ කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් මහජනතාව අනුගමනය කිරීමේ සාර්ථකත්වය මත පසුගිය සතියට සාපේක්ෂව මේ සතිය තුළ කොවිඩ් ආසාදිතයන්ගේ සහ මරණවල පැහැදිලි අඩුවක් තිබෙන බව ද ඒ මහතා කීය.

ඔමික්‍රෝන් වයිරසය ආසාදිතයන් රට තුළින් වාර්තා වන පසුබිමක කොවිඩ් වයිරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඩු වීම සැලකිය යුතු කාරණාවක් බවත් මෙම ප්‍රවණතාව ඉදිරියටත් පවත්වාගෙන යාමෙන් වයිරසය මෙරටින් තුරන් කර ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට නොබෝ දිනකින්ම හැකි වනු ඇති බවත් හෙතෙම පැවසීය.

මෙම සියලු කාරණා තීරණය වීමට විශේෂයෙන්ම කොවිඩ් මර්දනය සඳහා මහජනතාවගේ දායකත්වය අතිශයින්ම වැදගත් යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *