රාජ්‍ය සේවය අද සිට සාමාන්‍ය පරිදි

(ලංකාපුවත් | කොළඹ) – රාජ්‍ය සේවකයන් සියලු දෙනා අද(03) සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය. කෝවිඩ් වසංගතයෙන් පසු රාජ්‍ය සේවකයන් සියලු දෙනා එකවර රාජකාරියට වාර්තා කළ පළමු දිනය අදයි.

රාජ්‍ය සේවය උපරිම ධාරිතාවකින් යුක්තව අද සිට සිය රාජකාරි කටයුතු ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් රාජ්‍ය සේවකයන් සියලු දෙනා රාජකාරි කටයුතුවලට වාර්තා කළ යුතු වුවද රාජ්‍ය ආයතනවලට පැමිණීමේදී මෙන්ම ආයතන පරිශ්‍ර තුළදී ද නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *