භානුක රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදෙයි

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

30 හැවිරිදි භානුක රාජපක්ෂ වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කර සිටි.

භානුක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාරදුන් ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ තම පවුලේ වගකීම් සලකා බලා ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

මේ අතර ඇන්ජලෝ පෙරේරා ද සිය අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත් ඒ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ දක්වා නිල නිවේදනය නිකුත් කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *