(ලංකාපුවත් | කොළඹ) – චිනයේ “යුන්නාන්” විශ්වවිද්‍යාලය පසුගියදා ආරම්භ කළ සිංහල අධ්‍යයන අංශය, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව එහි අධ්‍යයන කටයුතු සඳහා ශ්‍රි ලංකාවේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලයේ අනුමත සංස්කෘතික, ආගමික, දේශපාලනික, ආර්ථික, පාරිසරික, ඉතිහාස හා සමාජයීය පොත් දහසක් ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Shenhong මහතා වෙත පරිත්‍යාග කිරීමක් සිදු විය.
බත්තරමුල්ල, ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශයේ දී 2021.12.30 දින එම කටයුත්ත සිදු කෙරුණි.
යුන්නාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලෙහි නියෝජ්‍ය පීඨාධිපති Wang Hao සහ එහි සිංහල භාෂා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක මහතාගේ මැදිහත්වීමෙන් මෙය සිදුවිය.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික උපදේශක ZHANG_Yingbao, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් පී.එන් අයිලප් පෙරුම, ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලයේ ලේකම් පී.කේ. විතාන, Read Plus පදනමේ සභාපති දිනේෂ් විජේතුංග යන අය මෙම අවස්ථාවට එක් විය.