මේ වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වෙයි

(ලංකාපුවත් | කොළඹ) – මේ වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙල පවත්වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

ඒ පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ “කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසර වල අපට ජාතික මහා ක්‍රීඩා උළෙල උත්සවය පැවැත්වීමට නොහැකි වුනා. කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වීමට අනුමැතිය ලබාගෙන ඇති අතර නැවත වරක් අපගේ ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මෙය කදිම අවස්ථාවක් වනවා.“ යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *