(ලංකාපුවත් | කොළඹ) – සමාජ වගකීම් සලකා ජනතාව හැකි ඉක්මනින් කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා යොමු විය යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
දියතලාවේ පැවති අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික තරගාවලියේ සමාප්ති උළෙල අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් ඉකුත් සති කිහිපයේ නිරීක්ෂණය වී ඇති බැවින් බූස්ටර් මාත්‍රාව නොගත් පුද්ගලයින් වහාම ඒ සඳහා යොමුවන ලෙස යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියි.
ඔහු කියා සිටියේ ඒ වෙනුවෙන් විශේෂ එන්නත්කරණ මධස්ථාන සහ ජංගම එන්නත්කරණ වැඩසටහන් ඊයේ(30) සිට ක්‍රියාත්මක බවයි.