(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගමේ වසර 20කට අධික කාලයක් සේවය කළ සේවක සේවිකාවන් ඇගයීම පසුගිය දා සිදුකෙරිණි.
INSEE සිමෙන්තිසමාගම සිය ජ්‍යෙෂ්ඨ සේවක සේවිකාවන් ඇගයීම වෙනුවෙන් ම සංවිධානය කළ මෙම සම්මාන උළෙල 2021 නොවැම්බර් 26 වන දින හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් හෝටලයේ යුනියන් බෝල්රූම් හිදී සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.
පවතින වාතාවරණය අනුව මෙවරසම්මානලාභීන්ගේ පවුල්වල සාමාජිකසාමාජිකාවන්ට මෙම උත්සවය සඳහා සහභාගීවීමේඅවස්ථාව නොලැබුණු අතර, ඔවුන්ට අන්තර්ජාලය ඔස්සේ සජීවීවඒහා සම්බන්ධ වීමේ අවස්ථාව හිමි විය. මෙම සම්මාන උළෙලේ දී INSEE සිමෙන්ති සමාගමේ ජ්‍යේෂ්ඨ සේවක සේවිකාවන් 20 දෙනෙකු ඇගයීමට ලක් වූ අතර, එහි දී ඔවුන්ට රන් පවුම බැගින් පිරිනැමිණි. සම්මානලාභී සේවක සේවිකාවන්ගෙන් 19 දෙනෙකු වසර 21 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර, එක් සේවකයකුINSEE සිමෙන්තිසමාගමේ වසර 25 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇත. INSEE සිමෙන්තිසමාගමේපුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවෙහි 12දෙනෙකු,රුහුණු සිමෙන්ති කර්මාන්තශාලාවෙහි 4දෙනෙකුසහ කොළඹ කාර්යාලයට අනුයුක්තව සේවය කරන 4දෙනෙකු මෙසේ සම්මාන ලබා ගත්හ.
මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවාරෝමහතා පැවසුවේමෙවන් අදහසකි.”ඉතා දක්ෂ හා පළපුරුදු සේවක මණ්ඩලයක් අපට සිටිනවා. දශක 5කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ සිමෙන්ති කර්මාන්තයේ ප්‍රගතිය වෙනුවෙන් ඔවුන් සිදු කළ කැපවීමඉතා විශේෂයි. INSEE සිමෙන්ති සමාගමපිරිණැමූ ජ්‍යෙෂ්ඨත්ව සම්මානමගින් මෙම ජ්‍යේෂ්ඨ සේවකයින්පිළිබඳව සමාගම තුළ තිබෙන පිළිගැනීම සහ ගෞරවය සංකේතවත් කරනවා. ඔවුන්ගේ කැපවීම සහආයතනයට ඇති පක්ෂපාතීත්වය ඇගයීමට ලක් කිරීමට හැකි වීම ගැන අපි ඉතාසතුටට පත් වෙනවා.ඒ වගේ ම INSEE සිමෙන්ති සමාගම සමග අත්වැල් බැඳගෙන සිටින ඔවුන්ගේ අනාගතය වඩාත් ස්ථාවරයිකියන කරුණ මට විශ්වාසයෙන් පැවසිය හැකියි.”
මෙවර, නිෂ්පාදන, ඇසුරුම්කරණ, අලෙවිකරණ, ප්රසම්පාදනහා සැපයුම්, නඩත්තුසහ තත්ත්ව සහතිකයන අංශවල සේවයෙහි නියුතු සේවක සේවිකාවන් INSEE ජ්‍යෙෂ්ඨත්ව සම්මානයෙන් පිදුම් ලැබූඅතර,සභාවේ සිටි පිරිස අමතමින් නවාරෝ මහතා මෙලෙස ප්‍රකාශ කළේය.“INSEEසිමෙන්ති සමාගම සතු ප්‍රධානතම ශක්තියසහ අභිමානයතමයිඅපගේ සේවක සේවිකාවන්. ඔබසැම දෙනාතුළ පවතින විනය වගේ ම ඔබ සැමසෞඛ්ය රෙගුලාසිනියමාකාරයෙන් පිළිපැදීම නිසා මෙවැනි අභියෝගාත්මක කාල වකවානුවක දී පවාමෙම උත්සවය සාර්ථකව පැවැත්වීමට අපට හැකිවුණු බව සිහිපත් කිරීමට කැමතියි.සම්මානලාභී ඔබගේ වටිනා දායකත්වයටවගේ මතම ආදරණීයයන්ගේ ජයග්‍රහණය සැමරීමට මෙහි පැමිණ සිටිනඔබටත් ස්තුතිවන්ත වීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.ඒ වගේම ඔබගේනොසැලෙන කැපවීම, ඔබගේ ජ්‍යෙෂ්ඨත්වය තුළින් මනාව පිළිබිඹු වන බවත්, ජීවිතය ගොඩනඟා ගැනීමසඳහා එයඅත්යවශ්ය කරුණක් බවත් පැවසීමට කැමතියි.”
INSEE සිමෙන්ති නොහොත් සියම් සිටි සිමෙන්ති (ලංකා) ලිමිටඩ් සමාගම 1969 දී තායිලන්තයේ ආරම්භ කරන ලද අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයෙකු වන Siam City Cement Public Company Limited හි සාමාජිකයෙකි. වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙනු ලබයි. ශ්‍රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBSL) වෙතින් ‘හරිත සහතිකය’ හිමිකරගත් ප්‍රථම සිමෙන්ති නිෂ්පාදනය වන INSEE සිමෙන්ති, ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව ඇති LMD සඟරාව මගින් වඩාත් ගෞරවනීය ආයතන අතරට ශ්‍රේණිගත කර ඇති අතර, එම සමාගම ශ්‍රී ලංකාවේ එකම පූර්ණ සිමෙන්ති නිෂ්පාදකයා ද වේ.