මේ වසරේ 4% ක් ඉක්මවූ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමේ බලාපොරොත්තුවක්

(ලංකාපුවත් | කොළඹ) – රටේ නිෂ්පාදන වැඩි කිරීම ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට එකම විසදුම බවත් රට තුල 2022 වර්ෂයේ 04% ක් ඉක්මවූ ආර්ථික වර්ධනයක් ගෙන ඒමට බලාපොරොත්තුවන බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

රජයක් වශයෙන් වත්මන් රජයට අරමුණක් ඇති බවත් විපක්ෂ නායකයා ඇතුලු ඒ වටා සිටින ගෝල බාලයන් හට කිසිදු අරමුණක් නොමැති බව ද රාජ්‍ය ඇමැතිවරයා සදහන් කළේය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මුල්‍ය සහය ලබා දීමේ වැඩසටහන අද(02) කොළඹ නව ලෝක වෙළඳ සංකීර්ණයේ දී ආරම්භ කරමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.

දේශිය ආර්ථික සංවර්ධනය සඳහා දායකත්වය සැපයිය හැකි ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාණ්තයන්හී කියුක්ත ගණුදෙණුකරුවන්ට, කාන්තා ව්‍යවසායකයින් මෙන්ම කෘෂිකර්ම, සත්ව පාලන, ධීවර සහ සෙසු කර්මාකයන්හී නියුක්ත වූවන් දිරිගැන්වීම සඳහා ණය පහසුකම් සැපයීම ප්‍රාදේශිය සංවර්ධන බැංකුව සමඟ මෙහි සිදු කෙරිණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමානාත් දොලවත්ත, යදාමිණි ගුණවර්ධන සහ සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් නිල් හපුහින්න ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය මහතා සහ ප්‍රාදේශිය සංවර්ධන බැංකු නිලධාරීන් , ස්වයං රැකියා ලාභින් රැසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *