ඉන්දීය ධීවර බෝට්ටු වෙන්දේසිය ගැන මහ කොමසාරිස් කාර්යාලයෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේදී ඉන්දීය ධීවර බෝට්ටු වෙන්දේසි කිරීමේ කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර ද්විපාර්ශවික අවබෝධයක් පවතින බව කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කරයි.

ඒ අනුව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මේ පිළිබඳ පැහැදිලි කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහත දැක්වේ.

“ශ්‍රී ලංකාවේදී ඉන්දීය ධීවර බෝට්ටු වෙන්දේසි කිරීම සම්බන්ධයෙන් වන විවිධ වාර්තා සහ ප්‍රකාශ මහ කොමසාරිස් කාර්යාලයේ අවධානයට ලක්ව ඇත.

මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර ද්විපාර්ශවික අවබෝධයක් පවතින බව පළමුව අවධාරණය කරමු. මෙම අවබෝධය අනුව, තමිල්නාඩුවේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තිබෙන පිළිසකර කළ නොහැකි ඉන්දීය ධීවර බෝට්ටුබැහැරකිරීමසම්බන්ධයෙන් වන ආකෘතීන් පිළිබඳ අවසන් එකඟතාවයන්ට එළඹීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබිණ. මහ කොමසාරිස් කාර්යාලය මෑතකදී මෙම සංචාරය සඳහා නැවතත් ශ්‍රී ලංකා රජයේ අවශ්‍ය අවසරයන් ඉල්ලා ඇත”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *