ඉකුත් සතියේ මැද පෙරදිග කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක්

(කොළඹ, ලංකාපුවත්) – මැදපෙරදිග රටවල ඉකුත් සති කිහිපයේ කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

අඩු එන්නත්කරණ අනුපාතය ඊට හේතුව බව සදහන්වේ. මේ බව පෙන්වා දී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නැගෙනහිර මධ්‍යධරණී ප්‍රාදේශීය කාර්යාලය විසිනි.

ඉකුත් සති 6 ඇතුළත මැදපෙරදිග රටවල දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සාමාන්‍ය ලක්ෂයකට වැඩි බව හෙළි වී තිබේ. අදාළ කාල සීමාවේ එම රටවල දෛනික කොවිඩ් මරණ අනුපාතය 345ක් බවට වාර්තා විය.

මැද පෙරදිග රටවල මේ දක්වා පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇත්තේ, 35%ක ජනගහනයක් පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වාර්තාවල සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *