(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් මරණ සංඛ්‍යාවේ තරමක වැඩි වීමක් දක්නට ලැබෙන අතර එය සැහැල්ලුවට ගත යුතු දෙයක් නොවන බව නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
කොවිඩ් ආසාදිතව මරණයට පත්වන පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් වයෝවෘද්ධ පුද්ගලයන් බවට වාර්තා වන්නේ යැයිද ඒ මහතා කීවේය.
කොවිඩ් වයිරසය ආසාදිතයන් වැඩි පිරිසකට රෝග ලක්ෂණ නොපෙන්වීම හේතුවෙන් ඔවුන් තම නිවෙස්වල වයස්ගත පුද්ගලයන් වෙත මෙම වයිරසය ගෙනයාමේ ප්රවනතාවනක් දක්නට ලැබෙන බවත් නිදන්ගත රෝගීන් සහ වයස්ගත පුද්ගලයන් වයිරසය වැළඳීමෙන් මරණයට පත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බවත් හෙතෙම පැවසීය.
කොවිඩ් රෝග ලක්ෂණ නොපෙන්වමින් නිරෝගී පුද්ගලයන් ලෙස සමාජයේ සිටින පුද්ගලයන් අහඹු ලෙස තෝරා කොවිඩ් ආසාදිත පරීක්ෂණයන්ට ලක් කිරීමෙන් ආසාදිතයන් හඳුනා ගත හැකි යැයි ද ඔහු ප්‍රකාශ කළේය.
සමාජය තුළින් ආසාදිතයන් වාර්තා වීම මේ වන විට ඉහළ ගොස් ඇතැයි ද, කොවිඩ් මර්දන පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන් හැකි ඉක්මණින් පූර්ණ එන්නත්කරණයට ලක් වීමෙන් කොවිඩ් මරණ වළක්වා ගත හැකි යැයි ද ඔහු පැවසුවේය. දැනට වාර්තා වන කොවිඩ් ආසාදිතයන් අවශ්‍ය ප්‍රතිකාර දීමට රෝහල්වල ඇඳන් සංඛ්‍යාව ප්‍රමාණවත් බවත් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සහ වෙනත් අවශ්‍යතා රෝගීන්ට ලබාදීම සාර්ථක කළමනාකරණයකින් යුතුව සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.