පහරදීමකින් පොලිස් කොස්තාපල්වරයෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – තංගල්ල, විතාරන්දෙණිය ප්‍රදේශයේ දී පිරිසක් කළ පහරදීමකින් රාජකාරියෙන් බැහැරව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි වියේ පසුවූ පොලිස් කොස්තාපල්වරයෙකි.

පෞද්ගලික ආරවුලක් සිද්ධියට හේතුවී ඇති බව දැනට සිදුකර ඇති පරික්ෂණවලින් හෙළිව ඇත.

දෙපිරිස අතර ඇතිවූ ගැටුමෙන් බරපතල තුවාල ලැබූ කොස්තාපල්වරයා සහ ඔහුගේ සහෝදරයා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබුණි. එහිදී පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ වන විට ඔහුගේ සොහොයුරා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. සිද්ධිය පිළිබද වැඩිදුර පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *