AIA ඉන්ෂුවරන්ස් වෙතින්, ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහ ලංකා ඇල්සයිම්ර්ස් පදනමට රුපියල් මිලියනයක මුදලක්

(කොළඹ, ලංකාපුවත්) –AIA ඉන්ෂුවරන්ස් සංවිධානය කරන ලද ‘AIA සමගින් ඇවිද දායක වෙමු’ (‘Walk to Give with AIA’) අභියෝගය ජනවාරි මස 31වන දා ඉතා සාර්ථකව නිමා වූ අතර 1000කට අධික පිරිසක් පියවර 100,000යේ අභියෝගය සම්පූර්ණ කිරීමට සමත් වුහ.

ජනතාවට සුවපත්, සැපවත්,දිගුකල් ජීවිතයක් ලබා දීමට සහය වීමේ සන්නාම ප්‍රතිඥාව සමගින් ක්‍රියාත්මක වන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මෙම අභියෝගය සඳහා ඉදිරිපත්ව කටයුතු කරන ලද්දේ මෙරට ප්‍රධාන බෝනොවන රෝග දෙකක් වන පිළිකාව සහ ඇල්සයිමර්ස් යන රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සහ ඒ සඳහා අරමුදලකින්ද සිය දායකත්වය දැක්වීමටයි.

මෙම අභියෝගයට සහභාගී වී ශ්‍රී ලංකා පිළිකා සංගමයටත් ලංකා ඇල්සයිම්ර්ස් පදනමටත් රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයලබාදීමේ මහඟු කර්තව්‍ය වෙනුවෙන් දායක වූ සියලු දෙනාට AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය හදපිරි ප්‍රණාමය ප්‍රකාශ කර සිටින අතර මෙම අභියෝගය සඳහා සම්පත් දායකත්වය ගෙන කටයුතු කළ Ayubo.life වෙතද ඔවුන්ගේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *