මඩකලපුව දිස්ත්‍රික් ගොවි ඇගයීම් සම්මාන උළෙල

(කොළඹ, ලංකාපුවත්) –නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධානය කරන මඩකලපුව දිස්ත්‍රික් ගොවි ඇගයීම් සම්මාන උළෙල සදුදා(21) කරදියනාරු කෘෂිකර්ම ගොවි පුහුණු සේවා මධ්‍යස්ථානයේ දී පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සම්මාන උළෙල තරග ඉසව් අටකින් සමන්විත විය.ඒ අනුව හොඳම නාගරික ගෙවතු වගාව හිමි ගොවියා,හොඳම වී වගා කරන ලද ගොවියා,හොඳම අතිරේක බෝග බීජ නිෂ්පාදකයා,පරිසර හිතකාමී ගොවියා, වාණිජ පලතුරු වගාව හිමි ගොවියා ,හොඳම ගෙවතු වගාව හිමි රජයේ කාර්යාලය,හොදම කෘෂි ව්‍යවසායකයා, නව තාක්ෂණය භාවිතා කිරීමෙන් ගොවිතැන් කරන ලද ගොවියා යන අංශ යටතේ මෙම සම්මාන ලබා දීම සිදු විය.

සෑම ඉසව්වකින් ම තරගකරුවන් සිව් දෙනෙක් සඳහා ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය සිදු කෙරිණි.ඒ අනුව පළමුවන ස්ථානය සඳහා මුදලින් රුපියල් විසි දහසක්, දෙවැනි ස්ථානය සඳහා මුදලින් රුපියල් පහළොස් දහසක්, තුන්වන ස්ථානය සඳහා දහ දහසක් සහ සිව්වන ස්ථානය සඳහා රුපියල් පන්දහසක් බැගින් මුදල් ත්‍යාග පිරිනැමීම ද මෙහිදී සිදු විය.

මේ අවස්ථාවට පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් අයි ජී. කේ. මුතු බණ්ඩා,මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කේ. කරුණාහරන්,පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය පී ඩී හුසේන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *