හන්තාන සුන්දරත්වයට හානි කරමින් සිදුවූ ඉඩම් කට්ටි කිරීම කෘෂිකර්ම ඇමතිගේ නියෝගයෙන් නවතී

(කොළඹ, ලංකාපුවත්) – හන්තාන රක්ෂිතය තුළ දැඩි පාරිසරික හානියක් සිදු කරමින් ඉඩම් කට්ටි කිරීමක් සිදුවන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට තොරතුරු අණාවරණය වීමත් සමඟ ඊට අදාළ කඩිනම් පියවර ගැනීමට අමාත්‍යවරයා කටයුතු කළේය.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට කෘෂිකර්ම අමාත්‍යවරයා නියෝග කළේ අදාළ ඉඩම් කට්ටි කිරීම මෙන්ම සිදුවන පාරිසරික හානි වහාම නතර කිරීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුව මේ වන විට අදාළ ප්‍රදේශයේ සිදුවෙමින් පැවැති සුවිශාල පාරිසරික හානිය නැවතී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *