පැරසිටමෝල් ඉල්ලුම 275%කින් නගී

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය සති තුනක කාලය තුළ පමණක් පැරසිටමෝල් ඉල්ලුම සියයට 275කින් ඉහළ ගොස් ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ (22) පැවසීය.

පැරසිටමෝල් නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම හේතුවෙන් ආනයනය කරන ආයතන එය ගෙන්වීමට මැළි වීමත්, ඔමික්‍රොන් හේතුවෙන් ඇති වී තිබෙන කොරෝනා රෝගය පැතිර යෑමත්, වයිරස් උණ සහ ඩෙංගු වැනි රෝගයන්ගේ ව්‍යාප්තිය වැඩි වීමත් සමඟ ඉන් ඇති වන උණ පාලනයට පැසිටමෝල් යොදා ගන්නා හෙයින් එහි ඉල්ලුම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ‘ඔයාමඩුව’ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක ඖෂධ කර්මාන්ත පුරයේ ආයෝජනය අවස්ථා පුළුල් කරමින් නව දේශීය ආයෝජකයන් සමඟ ගිවිසුම් අස්සන් කිරීම කොළඹ හිල්ටන් හෝටලයේදී ඊයේ සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජයසුමන මහතා එසේ කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *