(කොළඹ, ලංකාපුවත්) –තවත් කොරෝනා ආසාදිත මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,086 ක් දක්වා ඉහළ යනු ඇත.
මේ අතර තවත් කොවිඩ් ආසාදිතයන් 1,281 ක් ඊයේ(23) වාර්තා විය. ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයන් ගණන පවතින්නේ 640,578 ක් ලෙසයි.