තවත් මාසයක් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –පවතින කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පියවර ගෙන තිබේ.

ඒ අනුව අද (01) දිනයේ සිට මාර්තු මස 31 වන දින දක්වා අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන් වේ.

ජනතාවගේ දෛනික කටයුතු සිදුකිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු ඇතුළත්ව එම චක්‍රලේඛය නිකුත් කර ඇති අතර පසුගිය පෙබරවාරි මස 01 වන දින සිට එම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරනු ලැබීය.

මේ අතර අද දිනයේ සිට විදෙස් රටවල සිට පූර්ණ එන්නත්කරණයට ලක්ව මෙරටට පැමිණෙන පුද්ගලයින් කොවිඩ් පරීක්ෂණයක් සඳහා යොමු වීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නිරෝධායන ඒකකයේ විශේෂඥ වෛද්‍ය දිල්හානි සමරනායක මහත්මිය සඳහන් කළේ, ඊට අදාළ චක්‍රලේඛය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති බවය.

“විදේශයන් හි සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වු සියලුදෙනාම, පෙර කරන ටෙස්ට් ටික කරගෙන ඒම අවශ්‍ය නෑ. පූර්ණ එන්නත්කරණයට ලක් වු අයට මීට පෙර ඔන්එරයිවල් PCR ටෙස්ට් එක අයින් කරලා තිබුණේ. එකත් තවදුරටත් බලපැවැත්වෙනවා. පොසිටිව් වෙලා තියෙනවා නම් දින 7කට පෙර පසු ගිය මාස 6 දක්වා අයට පමණයි එක වැක්සින් එකක් අරගෙන ආවොත් ෆී ඩිපාචර් ටෙස්ට් එක අයින් කරලා තියෙන්නේ. පසුගිය මාස 6ට වඩා ලෙඩේ තිබුණ එක්කෙනෙක් එක වැක්සින් එකක් අරගෙන ආවොත් එගොල්ලෝ ෆී ඩිපාචර් ටෙස්ට් එක අරගෙන එන්න ඕනේ. පූර්ණ එන්නත්කරණයට ලක්වුවන් කියන්නේ අපේ රටේ බූස්ටර් මාත්‍රාව තියෙන නිසා අවුරුදු 20ට වැඩි අයට දැන් විදේශයන් සිය පැමිණෙන අයට ඒ රටවල සමහරවිට බූස්ටර් එන්නත දැනට නැතිවෙන්න පුළුවන්. එම නිසා එම මූලික එන්නත්කරණය අපි කියමු මාත්‍රා දෙකකින් දෙන වැක්සින් එකක් නම් ඒ දෙක තිබුණොත් ඇති පූර්ණ එන්නත්කරණයට ලක් වුණා කියලා කියන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *