යුරෝපා හවුලෙන් රුසියාවට ගුවන් තහනමක්

(කොළඹ, ලංකාපුවත්) –රුසියානු ගුවන්යානාවලට යුරෝපා හවුලෙන් ගුවන් තහනමක් පැනවූ බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

යුරෝපා හවුලේ ප්‍රධානී උර්සුලා වොන් ඩැර් ලේයෙන් මේ නිවේදනය නිකුත් කර ඇත. යුරෝපා සංගමයේ ගුවන් සීමාව රුසියාවට අයත් සියලු ගුවන්යානාවලට සහ රුසියාවේ ලියාපදිංචි ගුවන්යානාවලට තහනම් කළ බව ඇය ප්‍රකාශ කර තිබේ.

රුසියාවට අයත් පෞද්ගලික ජෙට් යානාවලට ද මේ තහනම බලපාන අතර, මේ තහනම හේතුවෙන් යුරෝපා හවුලේ සාමාජික රටවලට අයත් ගුවන් සීමාව තුළ ගොඩ බැස්වීමට හෝ නැංවීමට කිසිදු අවසරයක් නොලැබෙනු ඇත. මේ අතර රුසියාවේ විශාලතම ගුවන්සේවය වන ඒරෝෆ්ලොට් සමාගම ප්‍රකාශ කර ඇත්තේ යුරෝපයේ සියලු ගමනාන්ත දක්වා පියාසර කරන ගුවන් ගමන් නැවත දැනුම් දෙනතුරු අත්හිටවූ බවය. බ්‍රිතාන්‍යය ද මෙවැනි ගුවන් තහනමක් රුසියාවට පැනැවීමට කටයුතු කර ඇති අතර, මාස තුනක කාලයකට රුසියාවේ ගුවන්යානාවලට සිය ගුවන් සීමාව තහනම් කළ බව ජර්මනිය ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *