චීනයේ ජංගම දුරථකන හරහා අන්තර්ජාලය භාවිතකරන්නන් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ ජංගම දුරථකන හරහා අන්තර්ජාලය භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව බිලියන 1.2 ක් දක්වා වර්ධනය වී තිබේ.

චීනයේ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය නිකුත් කළ සංඛ්‍යා ලේඛන වලට අනුව, සැප්තැම්බර් මාසයේ අවසානය වන විට චීනයේ ජංගම දුරකථන භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව බිලියන 1.3 පමණ වේ. මෙය වසරකට මිලියන 72ක වැඩිවීමකි.

ජංගම දුරකතන භාවිත කරන්නන්ගෙන් මිලියන 900 ක් පමණ 4 – ජී තාක්ෂණය භාවිත කරන අතර, මිලියන 150 ක් පමණ 3 – ජී තාක්ෂණය භාවිත කරනු ඇත.

ජංගම සන්නිවේදන ජාල වලින් මේ වන විට උපයන ආදායම යු ආන් බිලියන 262 ක් පමණ වේ. එය ද වසරකට 89% ක වැඩිවීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *