සබරගමුව පළාතේ නව ආදායම් උත්පාදන මාර්ග හදුනා ගැනීමට විශේෂ වැඩමුළුවක්

(කොළඹ, ලංකාපුවත්) – පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් අනුව සබරගමුව පළාතේ පාලන ආයතනවල ප්‍රධානීන් සහ කාන්තා කමිටු සාමාජිකාවන්/සභිකවරියන් සඳහා වන විශේෂ නේවාසික පුහුණු වැඩමුළුවක් පසුගිය 26,27 දෙදින කුකුලේඟග ලයා ලෙෂර් හීදි පැවැත්විණ.

One Text Initiative (OTI) ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් පළාත් පාලනය පිළිබද ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සූරතිස්ස දිසානායක මහතාගේ මගපෙන්වීමෙන් පවත්වන ලද මෙම වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයන් වශයෙන් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එම්.එම්.බී වීරසේකර මහතා සහ සම්බන්ධීකරණ ලේකම් රෙහෙන්සි පෙරේරා යන මහත්වරුන් සහභාගී වූහ.

වැඩමුළු මාලාවේ දේශන ආචාර්ය ප්‍රේමසිරි ගමගේ මහතා, ආචාර්ය සූරතිස්ස දිසානායක සහ පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නීති නිලධාරිනි ගයනි ප්‍රේමතිලක මහත්මිය විසින් මෙහෙයවන ලදී.

පළාත් පාලන ආයතනයන්හී කටයුතු කිරීමේදී ඇතිවන නෛතික ගැටලු විසඳා ගන්නා ආකාරය සහ නව ආදායම්/ව්‍යාපාර අවස්ථා හදුනාගැනීම සහ ප්‍රදේශයේ කාන්තාවන් සවිබල ගැන්වීම යන කරුණු සම්න්ධයෙන් මෙහිදි පුහුණුව ලබාදෙන ලදී.

One Text Initiative (OTI) ආයතනය නියෝජනය කරමින් එහි වැඩසටහන් හා පරිපාලන අධ්‍යක්ෂිකා කනකා අබේගුණවර්ධන මහත්මියද වැඩමුළුව සඳහා සහභාගි විය. සබරගමුව පළාතේ පළාත් පාලන ආයතන නියෝජනය කරමින් පළාත් පාලන කොමසාරිස් දුලිප් සොමිරත්න මහතා සහ රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස්වරුන් ඇතුළු සභාපතිවරුන් සහ මන්ත්‍රීවරියන් 50කට ආසන්න පිරිසක් වැඩමුළුවට සහභාගී වූහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *