චීන උත්තරීතර ජාතික බල ආයතනයේ වාර්ෂික සැසිය ඇරඹෙයි

(චීනය, ලංකාපුවත්) – චීනයේ උත්තරීතර ජාතික බල ආයතනයේ වාර්ෂික සැසිය අද(05) උදෑසන බෙයිජිංහිදී ඇරඹිණ.

චීන අග්‍රාමාත්‍ය ලී කච්‍යං, එම සැසියට එක් වෙමින් රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් ක‍ළේය.

මෙම වසරේ චීනයේ සංවර්ධනය මුහුණ පාන අවදානම් හා අභියෝග රැසක් පවතී. එහෙත් චීන ආර්ථිකයේ තිරසර යහපත් වර්ධන ප්‍රවණතාව වෙනස් නොවන බැවින් එවැනි පීඩනයන්ට ඔරොත්තු දිය හැකි බව හෙතෙම කීය. වසර මෙම වසරේ රටේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ සියයට 5.5ක වර්ධනයක් අපේක්ෂා කෙරේ.

නාගරික ප්‍රදේශවල රැකියා අවස්ථා එක්කෝටි දසලක්ෂයකට වැඩි සංඛ්‍යාවකින් වැඩිවීම, නාගරික ප්‍රදේශවල විරැකියා අනුපාතය සියයට 5.5කට අඩු මට්ටමකට පාලනය කිරීම, පුරවැසියන්ගේ පරිභෝජන මිල දර්ශකයේ ඉහල යාම සියයට 3ක් පමණ ම‍ට්ටමේ පවත්වා ගෙන යාම ද මේ වසරේ රටේ ප්‍රධාන සංවර්ධන ඉලක්ක වන බව ලී කච්‍යං අග්‍රාමාත්‍යවරාගේ රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වේ.

මේ අතර තායිවාන ප්‍රදේශ‍ය චීන මව්බිමෙන් වෙන් කිරීමේ බෙදුම්වාදී ක්‍රියාවලටත් ඒ සඳහා බලපාන විදේශ බලවේගයන්ටත් දැඩි ලෙස විරුද්ධ වන බව අද චීන මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසියට ඉදිරිපත් කෙරුණු රාජ්‍ය කාර්ය වාර්තාව අවධාරණය කරයි.

තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සාමකාමී සංවර්ධනය හා රටේ එක්සත්භාවය ප්‍රවර්ධනය කිරීම උදෙසා, තායිවාන ප්‍රශ්නය පිළිබඳ ව නව යුගයේදී චීන කොමියුනිස්ට් පක්ෂය ඉදිරිපත් කළ විසඳුම් ක්‍රියාමාර්ගය අනුගමනය කරමින්, එකම චීනය මූලධර්මය හා ‘1992 සම්මුතියෙහි’ එල්බ සිටිය යුතු බව ද රාජ්‍ය කාර්ය වාර්තාව පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *