නැදුන්ගමුවේ රාජා හස්ථියා මියයයි

(කොළඹ, ලංකාපුවත්) – 2005 වසරේ සිට උතුම් දළදා වහන්සේ වැඩමකරවීමට සිය දායකත්වය සැපයූ නැඳුම්ගමුවේ රාජා හස්තියා අද(07) අළුයම මියගොස් ඇත.

ඒ, ගම්පහ නැඳුන්ගමුව ප්‍රදේශයේදීය. මියයන විට හස්තියාගේ වයස අවුරුදු 64කි.

2005 වසරේ සිට මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ සධාතුක කරඩුව වැඩම කරවීමට, දායකත්වය ලබාදුන් නැඳුන්ගමුවේ විජයරාජා හස්ථිය බොහෝ දෙනෙකු හැඳින්වූයේ නැඳුන්ගමුවේ රාජා නමිනි.

ගම්පහ නැඳුන්ගමුවේ සිට පාගමනින්ම ගොස් දිවයිනේ විවිධ විහාරස්ථානවල පෙරහැරට සහභාගී වීම රාජාගේ විශේෂත්වයකි.

තැන්පත් ගතිගුණවලින් හෙබි රාජාට ඇතැම් පිරිස් වන්දනාමාන කිරීමටද පෙළඹී සිටියේය. මෙරට මෙන්ම, ආසියාවේ විශාලතම හීලෑ අලි ඇතුන් කිහිපදෙනා අතරට සිටි රාජා දළදා කරඩුව වැඩම කරවීම සඳහා මෙරට සිටි ඇතුන් කිහිපදෙනා අතර ප්‍රමඛස්ථානයේ සිටියේය.

නැදුන්ගමුවේ හර්ෂ ධර්මවිජය මහතාගේ බාරයේ සිටි නැදුන්ගමුවේ රාජා හස්ථිය අද අලුයම 5.30ට පමණ මියගිය බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *