රටට කීර්තියක් ගෙනා ක්‍රීඩිකාවන් ඇගයීම කළ යුතුයි – ක්‍රීඩා ඇමති

(කොළඹ, ලංකාපුවත්) –ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් රටට කීර්තියක් ගෙන ආ කාන්තා ක්‍රීඩිකාවන් ඇගයීම සිදු කළ යුතු යැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

2022 ජාත්‍යන්තර කාන්තා දින සැමරුම නිමිත්තෙන් ටොරින්ටන් ක්‍රීඩාංගණයේ ඊයේ (08) පැවති වොලිබෝල් තරගාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යාවරයා මේ බව නියා සිටියේය.

‘’රටකි, දැයකි, ලොවකි ඇය’’යන තේමාව පෙරදැරිව මාර්තු 08 වනදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම නිමිත්තෙන් ක්‍රීඩාවේ නියැලෙන කාන්තාවන් දිරිගන්වමින් ඔවුන් ඇගයීමට ලක්කිරීම වෙනුවෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙමබස්නාහිර පළාත් අන්තර් දිස්ත්‍රික් වොලිබෝල් තරගාවලිය සහ ඊට සමගාමීවපැවැත් වූප්‍රදර්ශනාත්මක වොලිබෝල් තරගය සංවිධානය කරනු ලැබීය.

මෙම තරගාවලිය සඳහා කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින් කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් 06ක් සහභාගී වූහ.

තරගාවලියේ ශූරතාව ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ සංඝමිත්තා කණ්ඩායම දිනාගත් අතර, අනුශූරතාව ද දිනාගනු ලැබුවේ ගම්පහ දිස්ත්‍රික්කය ම නියෝජනය කළ ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම විසිනි. තරගාවලියේ තෙවන ස්ථානය ටොරිංටන් ක්‍රීඩා සමාජය විසින් දිනාගනු ලැබීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම හා ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම අතර පැවති ප්‍රදර්ශනාත්මක තරගයේ ශූරතාව හිමිකරගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත් වූ අතර, අනුශූරතාව ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායමට හිමිවිය.

තරගාවලියේ ශූරතාව, අනුශූරතාව හා තෙවන ස්ථානය සඳහාකුසලාන සමගින්පිළිවෙළින් රු. 25,000, 20,000 හා රු.15,000 බැගින් සහ ප්‍රදර්ශනාත්මක තරගයේ ජයග්‍රාහී කණ්ඩායමට මුදලින් රු. 25,000ක් සහ අනුශූරතාව සඳහා මුදලින් රු. 20,000ක් බැගින් වූ මූල්‍ය ප්‍රදානයන් සමග කුසලාන ප්‍රදානය කිරීමත් සිදුවිය.

තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් සඳහා මුදල් තිළිණ ලබාදීම හාදිස්ත්‍රික් තුන නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩාම් 06 සඳහා මූල්‍ය ප්‍රදානයන් ලබාදීමත් මෙහිදී සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *