ඌරු හදවත බද්ධ කළ මිනිසා මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගේ හදවතක් බද්ධ කළ ලොව පළමු පුද්ගලයා මිය ගොස් තිබේ.

ඩේවිඩ් බෙනට් නැමැති මෙම පුද්ගලයා, පෙරළිකාර අත්හදා බැලීමෙන් මාස දෙකකට පසු මිය ගිය බව සැත්කම සිදු කළ රෝහල නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෘද රෝගයකින් පෙළුණු මෙම පුද්ගලයා සැත්කමෙන් පසු මාස ​​දෙකක් ජීවත්ව ඇත.

57 හැවිරිදි බෙනට් පසුගිය අඟහරුවාදා(08) එක්සත් ජනපදයේ මේරිලන්ඩ් හි රෝහලකදී මිය ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *