මාධ්‍ය වාරණය කිරීම නොව නියාමනය රජයේ ප්‍රතිපත්තියයි

(කොළඹ, ලංකාපුවත්) – රජයේ ප්‍රතිපත්තිය මාධ්‍ය වාරණය කිරීම නොව නියාමනය බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

පාර්ලිමේස්තුවේ දී ගයන්ත කරුණාතිලක මන්ත්‍රිවරයා අද(11) ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

මෙරට මාධ්‍යවේදීන්ට වෘත්තීය පුහුණුව ලබාදීම සඳහා ආයතනයක් පිහිටුවීමට ද ක්‍රියා කර තිබේ. ඒ සඳහා බුද්ධිමතුන්ගෙන් සමන්විත කමිටුවක් ද පත්කර ඇත. ලබන සැප්තැම්බර් මාසය වනවිට එම ආයතනය ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *