අද විදුලිය කැපීමේ වෙලාවේ වෙනසක්

(කොළඹ, ලංකාපුවත්) –අද (14) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය තුනක් ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි.

‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 30 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය දෙකක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පස්වරු කාලයේ පැයක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා දිවයින පුරා මෙම විදුලි කප්පාදුව සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *