බැරැක් ඔබාමාටත් කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාට කොවිඩ් – 19 රෝගය ආසාදනය වී තිබේ.

මේවන විට 60 හැවිරිදි වියේ පසුවන හිටපු ජනාධිපතිවරයා, තමන් හට කෝවිඩ් රෝගය වැළඳී ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (13) ප්‍රකාශ කළේය.

ඔබාමා සහ මිෂෙල් ඔබාමා දෙපල කොවිඩ් මර්දන එන්නත් දෙක සහ බූස්ටර් එන්නතද ලබාගෙන ඇති අතර ඒ හේතුවෙන් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා හට උගුරේ ආසාත්මිකතාවයක් හැර වෙනත් කිසිඳු රෝග ලක්ෂණයක් නොමැති සේම දරුණු කොවිඩ් තත්ත්වයක් නොමැති බව වෛද්‍යවරු සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ අනුපාත පහත වැටීමත් සමඟ නගර, ප්‍රාන්ත සදහා ෆෙඩරල් රජය විසින් පනවා ඇති බොහෝ මහජන සෞඛ්‍ය පියවරයන් ලිහිල් කිරීමට ද පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *