බස් ගාස්තු 15%කින් වැඩි වෙයි අවම ගාස්තුව රු. 20යි

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ (14) රැස් වූ කැබිනට් මණ්ඩලය දැනුම්වත් කිරීමෙන් අනතුරුව බස් ගාස්තු සංශෝධනය සිදු කරන බව ප්‍රවාහන ඇමති දිලුම් අමුණුගම මහතා පැවැසීය.

බස් ගාස්තු සංශෝධනය පිළිබඳ නිල දැනුම් දීම අද (15) හෝ හෙට (16) සිදු කරන බව කියා සිටි අමාත්‍යවරයා ගාස්තු වැඩවීමට අදාළ නිවේදනය ගමනා ගමන කොමිෂන් සභාව හරහා ප්‍රකාශයට පත් කරන බව කීවේය. බස් ගාස්තු වැඩිවීමට සාපේක්ෂව එම අගයන් වලින් දුම්රිය ගාස්තු සංශෝධනය කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව දිනමිණට පැවසීය.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයද ලංගම බස් ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් ඉල්ලීම් සිදු කිරීමට කටයුතු කරන බව එහි ප්‍රකාශකයෙක් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *