අමෙරිකා ජනපතිට රුසියාව තහනම් කලාපයක් කරයි

(කොළඹ, ලංකාපුවත්) – රුසියාව විසින් අමෙරිකා පුරවැසියන් 13 දෙනෙකුට රුසියාවට ඇතුළුවීම වළක්වාලමින් නියෝගයක් පනවා තිබේ.

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රුසියාවට පනවා ඇති සම්බාධකවලට ප්‍රතිචාරයක් ලෙස රුසියාව අමෙරිකා පුරවැසියන් 13 දෙනෙකුට රුසියාවට ඇතුළුවීම වළක්වාලමින් නියෝගයක් පනවා ඇත.

රුසියාව සදහන් කර ඇත්තේ තමන් අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සහ අමෙරිකාවේ ඉහළම නිලධාරීන් 12දෙනෙකුට රටට ඇතුළුවීම තහනම් කර ඇති බවයි.

එම ලැයිස්තුවට බයිඩන් සමඟින්, එක්සත් ජනපද නිලධාරීන් ලැයිස්තුවේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, CIA ප්‍රධානී විලියම් බර්න්ස් සහ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් ඇතුළත්වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *